....
... of ... questions loaded

GCE Advanced Level - Information And Communication Technology 2020 - Sinhala
10 of 50 questions loaded
පරිගණකයක සකසනය වඩාත්ම වේගයෙන් මෙහෙයවනු ලබන්නේ එයට අවශ්‍ය දත්ත පහත කවරක ඇති විට ද?
නිහිත මතකයෙහි
දෘඪ තැටියෙහි
චුම්බක පටියෙහි
ප්‍රධාන මතකයෙහි
ප්‍රකාශ තැටියෙහි
පරිගණකයකට ලබා දී ඇති විදුලි බලය විසන්ධි කළ විට පහත කුමන දෘඪාංග සංරචකවල ඇති දත්ත අහිමි වේ ද?
A හි පමණ
A සහ B හි පමණි
A සහ C හි පමණි
B සහ C හි පමණි
A, B සහ C සියල්ලෙහි ම
අතීතයේ භාවිත වූ විශාල ප්‍රමාණයේ (main frame) පරිගණකවල සිට වර්තමානයේ භාවිත වන ඉහළ පරිගණන හැකියාව ඇති ප්‍රමාණයෙන් කුඩා සුහුරු (smart) උපක්‍රම දක්වා පරිගණකය පරිණාමනය වී ඇත. පහත කුමන නිපැයුමක් (invention) පරිගණකවල භෞතික ප්‍රමාණය අඩු කිරීමට දායක වූයේ ද?
බසය
අනුකලිත පරිපථ
රෙජිස්තර
ඝන තත්ත්ව මතක (solid statememory)
රික්ත නළ
පරිගණක පද්ධතියක ඇතැම් දෘඪාංග සංරචකවල සම්බන්ධතා පෙන්වන පහත රූපසටහන සලකන්න.

ඉහත රූපසටහනෙහි මධ්‍යම සැකසුම් ඒකකය (CPU) තුළ (A) මගින් දක්වා ඇති දෘඪාංග කොටසෙහි දැනට ධාවනය වෙමින් පවතින ක්රියායනයෙහි මතක සංක්‍රාන්ති අනුරූපණ සහිත රෙජිස්තර එකතුවක් ඇත. දැනට පවතින ක්‍රියායනයේ අතථ්‍ය යොමුවක් (virtual address) ආදානය කළ විට එමගින් අදාළ භෞතික යොමුව (physical address)(එවැන්නක් පවතී නම්) ප්‍රතිදානය කරයි.
ඉහත සටහනෙහි (A) මගින්
අංකගණිත හා තාර්කික ඒකකය (ALU) දැක්වේ.
පාලන ඒකකය (control unit) දැක්වේ.
පළමු මට්ටමේ (L1) නිහිත මතකය දැක්වේ.
මතක කළමනාකරණ ඒකකය දැක්වේ.
පිටු වගුව දැක්වේ.
P = 10110001 සහ Q = 01001110 වන ද්විමය සංඛ්‍යා දෙක සලකන්න. X = P OR Q සහ Y = P AND Q නම් X සහ Y හි අගයයන් වන්නේ පිළිවෙළින් පහත කවරක් ද?
01001110, 10110001
10110001, 00000000
10110001, 11111111
11111111, 00000000
11111111, 10110001
දශමය −12 හි 2 හි අනුපූරකය කුමක් ද?
00001100
00110011
11110011
11110100
11111011
2 හි අනුපූරකය සම්බන්ධයෙන් පහත කවරක් සත්‍ය වේ ද?
ලකුණ (sign) නිරූපණය කිරීමට අමතර බිටුවක් භාවිත කෙරේ.
අංක ගණිත මෙහෙයුම් ඉටු කිරීම සඳහා වඩා වේගවත් මිල අඩු දෘඪාංග නිපදවීමට ඉවහල් වේ.
එකතු කිරීම සහ අඩු කිරීම එකිනෙකට වෙනස් මෙහෙයුම් දෙකක් ලෙස සිදු කෙරේ.
සාමාන්‍යයෙන් ෂඩ් දශම සංඛ්‍යා පද්ධතිය මගින් නිරූපණය කෙරේ.
තාර්කික මෙහෙයුම් සිදු කිරීම සඳහා පළමු පරම්පරාවෙහි පරිගණකවල භාවිත විය.
පහත වගුව 1 හා වගුව 2 හි ඇති අක්ෂර දැක්වීම් සලකන්න.

ඉහත වගුව I හා වගුව 2 හි අක්ෂර ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ පහත කුමන අක්ෂර කේතන පද්ධතිවිලින් ද (character encoding systems) ?
වගු 1 හා 2 යන දෙකම ASCII කේතයෙනි
වගු 1 හා 2 යන දෙකම UNICODE කේතයෙනි
වගුව 1 : ASCII කේතයෙනි. වගුව 2 : UNICODE කේතයෙනි
වගුව 1 : EBCDIC කේතයෙනි, වගුව 2 : ASCII කේතයෙනි
වගුව 1: UNICODE කේතයෙනි, වගුව 2 : ASCII කේතයෙනි
පහත කවරක් $A\overline{B}\overline{C} + \overline{B}\overline{C} + \overline{A}\overline{B}C + BC$ යන ප්රකාශනයට තුල්‍ය වන වඩාත්ම සුළු කරන ලද ප්රකාශනය ද?
$A\overline{B}\overline{C} + \overline{A}\ \overline{B}C + B$
$\overline{B}(A\overline{C} + \overline{A}C) + B$
$\overline{C}(A\overline{B} + B) + C(\overline{A}\overline{B} + B)$
$A\overline{C} + \overline{A}C +B$
$\overline{A}\overline{C} + B$
එක් කොටසක් A ලෙස ද අනෙක් කොටස B ලෙස ද නම් කර ඇති අනුක්‍රමික තාර්කික පරිපථයක කොටු සටහනක් (block diagram) පහත දැක්වේ.

ඉහත කොටු සටහන පිළිබඳව පහත කවර ප්‍රකාශය සත්‍ය වේ ද?
Iපමණි
II පමණි
I සහ II පමණි
I සහ III පමණි
I, II සහ III සියල්ලම